එංගලන්ත නායකයා පරාජයට හේතු කියයි

Monday, 31 October 2016 - 13:03

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ඇලෙස්ටෙයාර් කුක් බංග්ලාදේශය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය පරාජයට පත්වීමට හේතු පැහැදිලි කර තිබෙනවා.

ඔහු කියා සිටියේ බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා තම කණ්ඩායමේ පරාජයට හේතු වූ බවයි.

එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 64 ක් තුළ සියලුම ක්‍රීඩකයන් දැවී ගියේ බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා නිසා බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ලබන මාසයේදී ඉන්දියාව සමඟ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරඟාවලියේදී දඟ පන්දු යවන්නන් පිළිබඳව වැඩි අවධානය යොමු කිරීම තම අරමුණ බවද ඇලෙස්ටෙයාර් කුක් මෙහිදී පෙන්වා දුන්නා.

එංගලන්තය පරදවා දෙවන ටෙස්ට් තරඟය බංග්ලාදේශය ජය ගත්තේ ලකුණු 108 කින්.