රංගනට සුවිශේෂ වූ තරඟ 8 කට පසු සිංහයන් ලැබූ සුපිරි ජයග්‍රහණයේ විශේෂ අවස්ථා මෙන්න

Thursday, 03 November 2016 - 7:38

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+8+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සිම්බාබ්වේ කණ්ඩායම සමග පළමු ටෙස්ට් තරගය ලකුණු 225 කින් ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ හරාරේහිදී.

රංගන හේරත් ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය භාරගත් පළමු තරඟයම ජයග්‍රහණයකින් අවසන් වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඔවුන් පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 537 ක්.

කුසල් ජනිත් සහ උපුල් තරංග ලකුණු 110 බැගින් ලබා ගත්තා.

අංක 8ස්ථානයේ ක්‍රීඩා කළ නායක ග්‍රැහැම් ක්‍රීමර්ගේ මංගල ටෙස්ට් ශතකයෙන් සවිමත් වූ සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 373 ක්.

ලකුණු 164 ක වාසියක් සමගින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු 110 යි.

තරගයේ අවසන් දිනය වූ අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසුණේ තම දෙවන ඉනිම අවසන් කර සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 412 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්.

ඔවුන්ගේ ආරම්භක සබඳතාව ලකුණු 17 කට සීමා කරන්නට ලහිරු කුමාර සමත් වුණා.

දෙවන කඩුල්ල සදහා ටිනෝ මවෝයෝ සහ හැමිල්ටන් මසකඩ්සා ගොඩනැගූ අර්ධ ශතක සබඳතාව බිද වැටුණේ දිල්රුවන්ගේ පන්දුවක් හමුවේ මවෝයෝ ලකුණු 37 කට දැවී යාමත් සමගයි.

දිවා ආහාර විවේකයට පෙර තවත් සිම්බාබ්වේ පිතිකරුවන් තිදෙනෙක් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සුරංග ලක්මාල් සහ දිල්රුවන් පෙරේරා සමත් වුණා.

කෙසේ වෙතත්, දිවා ආහාරයත් තේ පානයත් අතර කාලය තුල එක් කඩුල්ලක් පමණක් ලබාදුන් සිම්බාබ්වේ කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවා ගත්තා.

තේ පානයෙන් පසු ඉක්මන් කඩුලු 2 ක් බිද වැටුණේ නායක රංගන හේරත්ගේ පන්දු හමුවේ.

සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රිමර් යළිත් වරක් අගනා පිතිහරඹයක නිරත වෙමින් පන්දු 144 කදී ලකුණු 43 ක් රැස් කළා.

යළි ක්‍රියාත්මක වූ රංගන හේරත් ක්‍රීමගේ ඉනිම අවසන් කළේ දිනය අවසානයට පන්දුවාර 11 ක් පමණක් ඉතිරිව තිබියදීයි.

අවසන් සිම්බාබ්වේ කඩුල්ල ලෙස ක්‍රිස්ටෝපර් එම්පෝෆු, දිල්රුවන් පෙරේරාට ගොදුරු වනවිට ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වුණේ ලකුණු 186 ක් ලෙසින්.

ශ්‍රී ලංකා කණ්ඩායම විදෙස් රටකදී ටෙස්ට් තරගයක් ජය ගත්තේ තරඟ 8 කට පසුවයි.

ඉනිම දෙකේදී ලකුණු 145 ක් රැස් කරමින් කඩුලු 4 ක් දවා ගත් ග්‍රහැම් ක්‍රීමර් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තා.

තරගයේ සම්පූර්ණ විශේෂ අවස්ථා මෙන්න



\"\" \"\" \"\"