ඉන්දියාව අංක එක රැක ගැනීමේ සටනක

Tuesday, 08 November 2016 - 13:55

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A
එංගලන්තය සමඟ හෙට ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය තහවුුරු කර ගැනීමට ඉන්දියාව උත්සාහ කරනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව හෝ අවසන් කිරීමට හැකි වුවහොත් වසර අවසානයේ ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය ඉන්දියාවට හිමි වනු ඇති.

කෙසේ නමුත්, දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරඟ දෙක  ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළහොත් හෝ නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකම පාකිස්තානය ජයග්‍රහණය කළහොත් එම තත්ත්වය වෙනස් වනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ 3 වන දිනය වන අද සිම්බාබ්වේ පිළ පළමු ඉනිමේ පන්දුවට පහරදීම සඳහා නැවත පිටියට පිවිසෙනු ඇති. ශ්‍රී ලංකා පිළ මුල් ඉනිමේදී ලබා ගත් ලකුණු 504ට පිළිතුරු ලෙස සිම්බාබ්වේ පිළ ඊයේ දිනය අවසනදී කඩුලු 2ක් දැවී ලකුණු 126ක් ලබා සිටියා.