දෙවන ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව ජයගනී

Thursday, 10 November 2016 - 15:51

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 257 ක ජයක් හිමිවුනා.

හරාරේහිදී පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 504 යි. සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 272 ක් ලබාගත්තා.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 9 කට ලකුණු 258 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට දෙවන ඉනිමේදී හිමිවු ඉලක්කය ලකුණු 491 ක්.

කෙසේවෙතත් තරගයේ අවසන් දිනය වු අද සිම්බාබ්වේ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 233 ක් පමණයි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ ජය 2 ට බින්දුවක් ලෙසට ශ්‍රී ලංකාවට හිමිවුනා.

මෙම තරගයේ වීරයා සම්මානය රංගන හේරත්ට හිමිවුනා. ඔහු මෙම තරගයේදී දවාගත්  කඩුලු සංඛ්‍යාව 13 ක්.

එමෙන්ම රංගන හේරත් මෙම තරගයේදී ලෝක වාර්තා අතරට එක්වුනේ තරග 75 කදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ලොව දෙවැන්නට බවට පත්වෙමින්.

මෙතෙක් එම ස්ථානය රැකගෙන සිටියේ ටෙස්ට් තරග 75 කදී කඩුලු 346 ක් ලබාගත් ඉන්දීය හිටපු ක්‍රීඩක අනිල් කුම්බ්ලේ විසින්.

තරග 75 කදී කඩුලු 420 ක් බිඳහෙලමින් එහි වාර්තාව හිමිකරගෙන සිටින්නේ මුත්තයියා මුරලිදරන් විසිනුයි.

එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයේදී ලකුණු 89 කදී කඩුලු 5 ක් ලබා ගනිමින් ලොව ටෙස්ට් ක්‍රීඩා කරන සෑම රටකටම එරෙහිව කඩුලු 5 ක් ලබාගත් ලොව තුන්වන ක්‍රීඩකයා බවට ද රංගන හේරත් පත්වුනා.

තරගාවලියේ වීරයා දිමුත් කරුණාරත්න.

\"\" \"\" \"\"