එංගලන්තය 537 යි

Friday, 11 November 2016 - 7:26

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+537+%E0%B6%BA%E0%B7%92
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර රාජ්කොට්හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම සදහා ලකුණු 537 ක් රැස් කළා.

එහිදී ජෝ රූට්, මොයින් අලි සහ බෙන් ස්ටෝක්ස් ශතක රැස් කර ගැනීමට සමත් වුණා.

පළමු ඉනිම සදහා ඉන්දීය පිල ඊයේ දිනය අවසනදී කිසිවෙකු නොදැවී ලකුණු 63 ක් ලබා සිටියා.