අම්ලාට අපහාස කළ ඕස්ට්‍රේලියානුවාට ලැබුණු අමතක නොවන දඬුවම

Tuesday, 15 November 2016 - 8:30

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
ඔස්ට්‍රේලියාව සහ  දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර හසීම් අම්ලා මානසික පීඩාවට ලක්වන අයුරින් හැසිරුණු ඕස්ට්‍රේලියානු ජාතික ප්‍රේක්‍ෂකයකුට තරඟ නැරඹීමේ තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව 24 හැවිරිදි එම පුද්ගලයාට ඉදිරි වසර තුනක කාලයක් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග නැරඹීමට පැමිණීම තහනම් වනු ඇති.

අදාළ පුද්ගලයා හෝබාර්ට් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ

මෙවැනි සමාජ විරෝධී හැසිරීම් ප්‍රදර්ශනය කරනන ඕනෑම අයකුට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදීද පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර අශෝභන ලෙස හැසිරුණු එම ප්‍රේක්‍ෂකයාට එරෙහිව පියවර ගැනීම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට සිය ප්‍රසාදය පළකර තිබෙනවා.