ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික තොරතුරු පිරික්සීමට යයි

Wednesday, 16 November 2016 - 13:30

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තරග පාවාදීම් සම්බන්ධයෙන් සැකකරන ක්‍රිකට් ක්‍රීඩකයන් අන්තර්ජාලය භාවිතා කරමින් පවත්වාගෙන යන පෞද්ගලික තොරතුරු බාගත කිරීමට  ඇති හැකියාව පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එම ක්‍රිකට් ක්‍රීඩකයින් භාවිතා කරන සමාජ ජාල මාධ්‍යයන් ඔස්සේ සිදුකරන සංවාද, ලිපි හුවමාරු මෙලෙස බාගත කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

ෆේස්බුක්, ස්කයිප්, වට්ස්අප් වැනි සමාජ වෙබ් අඩවි හරහා ක්‍රිකට් ක්‍රීඩකයින් වැඩි වශයෙන් තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගන්නා බවට වාර්තා වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුබද්ධ දුෂණ විරෝධී ඒකකය විසින් ඊට අදාළ යෝජනාව ලබාදී ඇති බව සදහන්.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත්ගේ තහනම් උත්තේජක පරීක්ෂාව සිදුකළ කටාර් රාජ්‍යයේ පරීක්ෂණාගාරය තහනම් කිරීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය තීරණය කර තිබෙනවා.

ඒ අදාළ පරීක්ෂණාගාරය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පරීක්ෂණ කිරීමට අපොහොසත්වීම හේතුවෙන්.

තහනම් උත්තේජක චෝදනා එල්ල වූ කුසල් ජනිත්ගේ පළමු පරීක්ෂාව මෙම පරීක්ෂානාගරයේදී සිදුකෙරුණා.

කෙසේ වෙතත්, එමගින් නිකුත් කළ වාර්තා නිවැරදි නොවන බවයි පසුව සිදුකළ දෙවන පරීක්ෂණයෙන් හෙළි වුණේ.