සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ඊයේ පැවති තරඟය ජයපැරදුමකින් තොරව අවසන් වුණා.
බුලවායෝ හිදී එම තරඟය පැවැත්වුණේ සත්කාරක සිම්බාබ්වේ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල සිය පන්දු වාර 50 තුළදී සියලු ක්රීඩකයන් දැවී ලකුණු 257 ක් රැස් කළා.
කොදෙව් පිලටද සිය පන්දු වාර 50 තුළදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 257 ක් පමණයි.
මේ අනුව කණ්ඩායම් දෙකටම ප්රසාද ලකුණු 2 බැගින් හිමිවනවා.
තුන්කොන් තරඟාවලියේ ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් දෙකම ජයග්රාහී බලාපොරොත්තු දල්වාගෙන සිටි තරගයේ අවසන් පන්දු වාරය පහතින් නරඹන්න.