කොදෙව් නායකයා පරාජයට හේතුව කියයි

Thursday, 24 November 2016 - 10:36

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති තරගය පරාජයට හේතුව අත්දැකීම් සහිත ක්‍රීඩකයන් නොමැතිවීම බව බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයන් සිය ස්ථානය රැකගැනීමේ අරමුණින් සිය පෞද්ගලික ලකුණු කෙරෙහි අවධානය යොමුකරන බවයි.

තම කණ්ඩායම තවමත් තරුණ අත්දැකීම් අඩු පිරිසක් බව ද ජේසන් හෝල්ඩර් සඳහන් කර තිබෙනවා.

ඊයේ බුලවායෝහිදී පැවති තරගයෙන් ශ්‍රී ලංකාව එක් ලකුණක තියුණු ජයක් ලබාගත්තේ ජයග්‍රහණය පිළිබඳ දෙපිළම දැඩි බලාපොරොත්තු තබා සිටි මොහොතකයි.

එක් ලකුණකින් පරාජයට පත්වුව ද ශ්‍රී ලංකාව ලබාදුන් අසීරු ඉලක්කය වෙත පැමිණීමට එවින් ලුවිස්ගේ වේගවත් ලකුණු 148 උපකාරී වු බව ද ජේසන් හෝල්ඩර් සිහිපත් කරනවා.

4 වන එක්දින තරගයට ක්‍රීඩා කල එවින් ලුවිස් ලබාගත්තේ සිය පළමු එක්දින ශතකයයි.

එමෙන්ම ඔහු ලකුණු 50 රැස් කලේ 12 වන පන්දු වාරයේදීයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසීරුතාවට පත් කිරීමට ජොන්සන් චාල්ස් මෙන්ම එවින් ලුවිස්ට හැකිවු බව කොදෙව් නායකයා පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මෙම පරාජයත් සමග අසීරුතාවට පත් නොවන අතර සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගය ජයග්‍රහණය කර අවසන් මහා තරගයට එක්වීමට උත්සාහ කරන බවයි බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සඳහන් කලේ.