ෆෆ් ඩු ප්ලෙසිගෙන් අභියාචනයක්

Friday, 25 November 2016 - 13:12

%E0%B7%86%E0%B7%86%E0%B7%8A+%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ශතකයක් රැස් කළ ෆෆ් ඩුප්ලෙසි පන්දු රකින අවස්ථාවේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ කළ බවට වැරදිකරු වී තිබෙනවා.

මේ නිසා ඔහුට තරග ගාස්තු දඩයක් නියම කෙරුණු අතර ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා තීරණය කර ඇත්තේ.

එම අභියාචනය ප්‍රතික්ෂේප වුවහොත් ඔහුට තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පියවර ගනු ඇති.