කාන්තා ක්‍රිකට් පිළට ජය

Tuesday, 29 November 2016 - 9:03

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරඟයකදී නේපාලය පරදවා පහසු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් නේපාල කාන්තා පිළ පන්දු වාර 16යි පන්දු දෙකකදී ලකුණු 23කට දැවී ගිය අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ පන්දු වාර 4යි පන්දු දෙකකදී කඩුලු  2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකාව පාකිස්තානය වෙතින් කඩුලු 8ක පරාජයක් ලැබුවා.
\"\" \"\"