දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අනුග්‍රාහකයෙක් සොයයි

Monday, 19 December 2016 - 13:31

%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අනුග්‍රාහකයෙක් සොයාගැනීමට මෙතෙක් නොහැකිවීම නිසා ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

නවදිල්ලි නුවරදී ලබන ජනවාරි 28 වනදා මෙවර තරඟාවලිය ආරම්භ වන අතර ඊට රටවල් 10 ක කණ්ඩායම් එක්වනු ඇති.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජාතික ක්‍රිකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ක්‍රීඩා භාණ්ඩ ඇතුලු අනෙකුත් පහසුකම් සපුරාගැනීමට මෙතෙක් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායමට නොහැකිවී ඇති බවයි.

අවසන් වරට පැවති විස්සයි විස්ස ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියේදී අර්ධ අවසන් පූර්ව තරඟය දක්වා පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.