මාලිංග පිළිබඳව මුම්බායි කණ්ඩායම ගත් තීරණය මෙන්න

Tuesday, 20 December 2016 - 12:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
2017 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමිය ලීග් විස්සයි විස්ස තරඟාවලිය සඳහා තමන් රදවා ගන්නා සහ මුදා හරින ක්‍රීඩකයන් අයි.පී.එල්. කණ්ඩායම් ඊයේ ප්‍රකාශයට පත් කළා.

එලෙස මුදා හරිනු ලැබූ ප්‍රබල ක්‍රීඩකයන් අතර කෙවින් පීටර්සන්, පවාන් නේගි සහ ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙර්රා ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ලසිත් මාලිංග තම කණ්ඩායමේ තවදුරටත් රඳවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

කොදෙව් ක්‍රීඩක කයිරන් පොලාඩ් සහ නවසීලන්ත ක්‍රීඩක කෝරි ඇන්ඩර්සන් ද, මුම්බායි කණ්ඩායම මෙලෙස රඳවා ගන්නා ක්‍රීඩකයන්ට ඇතුළත්.

මුම්බායි ඉන්දියන්ස් පිළ ලසිත් මාලිංග සිය කණ්ඩායමේ රදවාගෙන ඇත්තේ ඉන්දීය රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක් ඔහු වෙනුවෙන් පිරිනමමින්.

2017 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් අයි.පී.එල්. 10, ලබන වසරේ අප්‍රේල් 3 වන දා සිට මැයි 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.