නොදැවුණු ත්‍රිත්ව ශතකය

Wednesday, 21 December 2016 - 10:33

%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA
ඉන්දියාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවති පස්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට ලක්වූ තරඟයක් බවට පත්වුණා.

එහිදී ඉන්දීය යොවුන් ක්‍රීඩක Karun Nair පිළිබඳව වැඩි අවධානයක් ලක්වීම විශේෂත්වයක්.

ඒ ඔහු සිය තුන්වන ටෙස්ට් තරඟයේදී අගනා ත්‍රිත්ව ශතකයක් ලබා ගැනීමත් සමගයි.

ඉන්දීය පළමු ඉනිමේදී ඔහු නොදැවී පන්දු 381ක් තුලදී ලකුණු 303ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 32ක් සහ හයේ පහර 04ක් ඇතුලත් වුණා.

25 හැවිරිදි මෙම ක්‍රීඩකයා අනාගත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක් බව ක්‍රිකට් විචාරකයන් පවසනවා.

මෙම තරඟයේ ජයත් සමග ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ඉන්දියාව ජයගත්තා.

Karun Nair  ත්‍රිත්ව ශතකය ලබාගත් ආකාරය පහතින්.




\"\"