19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය හෙට

Thursday, 22 December 2016 - 9:00

19%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති අවසන් පූර්ව තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 26ක් ජයක් ලබා ගනිමින්.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 3ක් තුළ සියලු  දෙනා දැවී ලකුණු 194ක් රැස් කළා.

ලකුණු 195ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 27යි එක් පන්දුවකදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 106ක් ලබා සිටියදී ක්‍රීඩා පිටියට වර්ෂා ඇද හැලුණා.

දැඩි වර්ෂාව හේතුවෙන් තරඟය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වූ අතර ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජය හිමි වුණා.

තරගාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.