ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨයන් ICC සම්මානයට පාත්‍ර වෙයි

Thursday, 22 December 2016 - 12:52

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+ICC+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් අද (22) පිදුම් ලැබුවා.

ඒ ජගත් ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළලේදීයි.

එහිදී රවිචන්ද්‍රන් අශ්වින් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවේ වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර වෙමින්.

2016 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙනුයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම සම්මාන උළෙල පවත්වනු ලබන්නේ.

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන හිමිකර ගත්තා.

වසරේ හොදම විස්සයි විස්ස පන්දු යවන්නා බවට පත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රාත්වේයිට්.

පාකිස්ථානු නායක මිස්බා උල්හක් වසරේ ක්‍රීඩාවේ ජීව ගුණයට හිමි සම්මානය හිමිකර ගත්තා.

මේ අතර, ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලැබූ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඇතුළත් කර තිබෙනවා.


\"\" \"\" \"\" \"\"




මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්
Monday, 06 July 2020 - 13:35

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පවාදීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ... Read More

කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More