ආසියානු යොවුන් තරඟාවලියේ අවසන් මහ තරඟය අද

Friday, 23 December 2016 - 13:09

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා.

එහිදී තරඟවදින්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමයි.

දිවා රාත්‍රි තරඟයක් වන මෙය පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.

ඉන්දියාව පසුගිය ආසියානු යොවුන් කුසලාන තරඟාවලි දෙකම ජයග්‍රහණය කළ අතර, ශ්‍රී ලංකාව මෙවර තරඟාවලියේ ආරම්භක තරඟයේදී නේපාලය පරදවා ජයග්‍රහණය කළේ එක් ලකුණකින්.

එහෙත් බංග්ලාදේශයට එරෙහිව අවසන් පූර්ව වටයේදී ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දස්කම් දැක්වීමට සමත්වුණා.


ඇන්ඩර්සන්ට සහ ජොෆ්රා අචාර්ට චෝදනා
Monday, 13 July 2020 - 13:30

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සවුත්ඇම්ප්ටන් හිදී... Read More

එංගලන්තය පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්
Sunday, 12 July 2020 - 22:45

කොරෝනා වසංගතයෙන් පසු ඇරඹි පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්... Read More

ඉන්දීය පිල දෙසැම්බරයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරයක
Sunday, 12 July 2020 - 13:14

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ... Read More