ටෙස්ට් තරඟයේ කඩුල්ල පිටුපස සිට කුසල් සහ චන්දිමාල් තැබූ සුවිශේෂ වාර්තාව මෙන්න

Wednesday, 04 January 2017 - 8:06

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී  ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් බෙදුණු වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් ක්‍රීඩා වෙබ් අඩවි ප්‍රකාශ කළා.

පෙරේදා දිනයේ තරඟයේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ කුසල් උඩ පන්දු තුනක් රැකගත් අතර, සෞඛ්‍ය තත්ත්වය යහපත් වීමෙන් පසු ඊයේ කඩුලු රැකීමට එක්වූ චන්දිමාල් උඩපන්දු හතරක් රැකගත්තා.

ඒ අනුව මෙම තරඟයේදී ඉනිමකදී කඩුලු රකින්නෙකු විසින් රැකගත් වැඩිම උඩ පන්දු සංඛ්‍යාව ලෙස පිහිටුවා තිබූ වාර්තාව සමවී ඇති අතර, එය ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර බෙදීයාම විශේෂත්වයක්.

මීට පෙර 1977 වසරේදී අදාළ වාර්තාව පිහිටුවා තිබුනේ පාකිස්ථාන කණ්ඩායමේ කඩුලු රකින්නෙකු වන මජීඞ් ඛාන් විසින්.

මේ අතර, ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ තුන් වන දිනය අදයි.

ඊයේ තරඟය නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටියා.

තරඟයේ පළමු දිනයේ විශේෂ අවස්ථා පහතින්


තරඟයේ දෙවන දිනයේ විශේෂ අවස්ථා පහතින්