සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය යළි සකස් කිරීමේ ටෙන්ඩරය අවලංගුයි

Thursday, 05 January 2017 - 8:31

%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය නැවත ඉදිකිරීම සඳහා ලබාදුන් ටෙන්ඩරය අවලංගු කර නැවත මිල ගණන් කැඳවීමට අභියාචනා මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ තීරණය ක්‍රීඩා අමාත්‍යාංශය පිළිගන්නා බවයි.

2012 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියට පෙර අලුතින් ඉදිකිරීමෙන් අනතුරුව විවෘත කළ සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය වසරක් ගතවීමටත් පෙර අබලන් තත්ත්වයට පත්වුණා.

ඒ අනුවයි යළි එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර්  කැඳවා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු එක් සමාගමකට අදාළ ටෙන්ඩරය පසුගිය මාසයේදී ලබාදුන්නා.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ පැමිණිලි සලකා බැලීමෙන් පසු යළි ටෙන්ඩර් සඳහා මිල ගණන් කැඳවීමට තීරණය කර ඇති බව සඳහන්.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More