ධනංජය දැවී ගියත් නැවත සලකා නොබලා ක්‍රීඩාගාරයට ගිය අවාසනාවන්ත සිදුවීම

Thursday, 05 January 2017 - 11:02

%E0%B6%B0%E0%B6%B1%E0%B6%82%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි.

තරගය පැවැත්වෙන්නේ කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී.

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව දෙවන ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 35 ක් ලබා සිටියා.

ඔවුන් දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7 කට ලකුණු 224 ක් ලබා සිටියදී.

ඩීල් එල්ගර් ලකුණු 55 යි.

නායක පැෆ් ඩු ප්ලෙසි ලකුණු 41 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 4 ක් බිදහෙලුවා.

මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 392 ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 110 ක් පමණයි.

මේ අනුව තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 507 ක්.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 11 ක් වෙද්දී බිඳ වැටුණා.

ඒ, දිමුත් කරුණාරත්න ලකුණු 6 කට දැවී යාමත් සමගයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 4 කට දැවී ගියා.

තුන්වන කඩුල්ලට ලකුණු 41 ක සබඳතාවක් ගොඩනගන්නට කෞෂාල් සිල්වා සහ ධනංජය ද සිල්වා සමත් වුණා.

කෞෂාල් දැවී ගියේ ලකුණු 29 කටයි.

ධනංජය ද සිල්වා ලකුණු 22 ක් ලබා සිටියදී ඔහුට එරෙහිව කඩුල්ල මුවා කිරීමේ තීරණයක් ලැබුණු අතර එය නැවත සලකා බැලීමට ඔහු පියවර ගත්තේ නැහැ.

කෙසේ වෙතත්, රූපවාහිනී පුනරූපන මගින් පසුව පෙනී ගියේ එය තෙවන විනිසුරුට යොමුකර කඩුල්ල ආරක්ෂා කර ගැනීමේ අවස්ථාවක් පැවැති බවයි.

අනතුරුව පිටියේ එක් වූ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් දිනය අවසන් වනතුරු කඩුලු ආරක්ෂා කර ගන්නට සමත් වුණා.

මැතිව්ස් ලකුණු 29 යි.

චන්දිමාල් ලකුණු 28 යි.

ඊයේ දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 130 ක් ලෙස සටහන්වුණා.

මේ අනුව ඔවුන් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 377 ක් පසුපසින් සිටින්නේ කඩුලු 6 ක් පමණක් අතැතිවයි.

ධනංජය ද සිල්වා ලකුණු 22 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස කඩුල්ල මුවා කිරීමේ තීරණයකින් දැවී ගිය අවස්තාව පහතින්.


ඊයේ දිනයේ තරඟයේ සම්පුර්ණ විශේෂ අවස්ථා පහතින්.