දෙවන එක්දින තරගය ජය ගැනීමට ඉන්දියාවට 237 ක ඉලක්කයක්

Thursday, 24 August 2017 - 18:04

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+237+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 237 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 236 ක් රැස් කළා.

මිලින්ද සිරිවර්ධන 58 ක් සහ චාමර කපුගෙදර ලකුණු 40 ක් ලබාගත්තා.  

මිලින්ද සිරිවර්ධන අද වාර්තා කලේ සිය 3 වන එක්දින අර්ධ ශතකයයි.

නිරෝෂන් දික්වැල්ල 31 යි. ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 19 බැගින් ලබාගත්තා.

ඇන්ජෙලෝ මැතිව්ස් 20 යි.

නායක උපුල් තරංග ලකුණු 9 ක් ලබා සිටියදී දැවී ගියා. යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 43 කට කඩුලු 2 ක් බිඳහෙලුවා.

ඉන්දීය පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. මේ අතර ලොව වේගවත්ම එක්දින ලකුණු දහසේ සීමාව පසු කළ ක්‍රීඩකයා බවට පත්වීමට හෝ එම වාර්තාව සම කිරීමට නිරෝෂන් දික්වැල්ලට තවමත් අවස්ථාව පවතිනවා.

මීළග එක්දින තරගයේදී ලකුණු 139 ක් ලබාගත හොත් සර් විව් රිචඩ්ස් තැබු වාර්තාව සම කිරීමට හැකිවනු ඇති.

අද තරගයේදී දික්වැල්ල ලබාගත්තේ ලකුණු 31 ක් පමණයි.

ඔහු මේ වන විට එක්දින ඉනිම 20 කින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 862 ක්.

ඔහුට මීළග එක්දින තරගයේදී ලකුණු 139 ක් ලබාගැනීමට හැකිවුවහොත් අදාළ වාර්තාව සම කිරීමට හැකියාව ලැබෙනවා.