දෙවන එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුලු 3 ක ජයක්

Friday, 25 August 2017 - 0:56

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+3+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 236 ක් රැස් කළා.

මිලින්ද සිරිවර්ධන 58 ක් සහ චාමර කපුගෙදර ලකුණු 40 ක් ලබාගත්තා.  

මිලින්ද සිරිවර්ධන අද වාර්තා කලේ සිය 3 වන එක්දින අර්ධ ශතකයයි.

නිරෝෂන් දික්වැල්ල 31 යි.

ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 19 බැගින් ලබාගත්තා.

ඇන්ජෙලෝ මැතිව්ස් 20 යි. නායක උපුල් තරංග ලකුණු 9 ක් ලබා සිටියදී දැවී ගියා. යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 43 කට කඩුලු 2 ක් බිඳහෙලුවා.

ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජය සඳහා ඔවුන් පන්දුවාර 47 කදී ලකුණු 231 ක් ලබාගත යුතුව තිබුනා.

කෙසේවෙතත් ඔවුන් පන්දුවාර 44 යි පන්දු 2 කදී කඩුලු 7 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මහේන්ද්‍ර සිං ධෝනි නොදැවී 45 ක් සහ බුවනේෂ්වර් කුමාර් නොදැවී ලකුණු 53 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 54 කට කඩුලු 6 ක් බිඳහෙලුවා.

තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිවුනා.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගය ලබන ඉරිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට  නියමිතයි.