පිටිය රත්කරමින් කඩුලු 6 ක් දවාගැනීමට සමත්වූ පන්දු යැවීමේ රහස අකිල හෙළිකරයි

Friday, 25 August 2017 - 13:13

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පිටිය රත්කරමින් කඩුලු 6 ක් දවාගැනීමට සමත්වූ පන්දු යැවීමේ රහස අකිල හෙළිකරයි\"

ඊයේ තරඟයේදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම වෙතටයි.

එහිදී තරඟයේ වීරයා වූ අකිල සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරගනිමින් ලකුණු 54 කට කඩුලු 6 ක් දවගත්තා.

අකිල තම මංගල උත්සවයෙන් පසුදින මෙලෙස තරඟයට එක්වී සුපිරි පන්දු යැවීමකින් කඩුලු 6 ක් දවාගැනීමද කතාබහට ලක්වූවා.

ක්‍රිකට් පිටිය මවිත කරවූ මෙම පන්දු යැවීම 2008 වසරේදී අජන්ත මෙන්ඩිස් ඉන්දියාවට එරෙහිව ලකුණු 16කට කඩුලු 6ක් දවා ගැනීමද ක්‍රීඩා ලෝලීන්ට සිහිකරවූවා.

මේ අතර අකිලගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙසින් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සහ රංගන හේරත් එක්වීමද විශේෂත්වයක්.

තරඟයෙන් අනතුරුව තම පන්දු යැවීමේ වෙනස පිළිබඳව අකිල හෙළිකළේ මෙලෙසින්.


අකිලගේ විවාහයේ ඡායාරූප පහතින්.
\"\"  \"\" \"\"