මීළඟ තරඟ දෙකට ශ්‍රී ලංකා කණ්ඩායමට එන නායකයා ?

Friday, 25 August 2017 - 13:39

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%3F
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංගට තරඟ දෙකක තහනමක් පැනවීමත් සමඟ මීළඟ තරඟයට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් කැඳවීම පිළිබඳව අවධානයක් යොමුව ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඊයේ පැවති තරඟයේදී නියමිත කාලය තුල පන්දුවාර යවා අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙන් උපුල් තරංග හට එක්දින තරඟ දෙකක් තහනම් කිරීමට ICC ය තීරණය කළා.
 
මේ අතර පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියක් සඳහා ලෝක ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා නම් කර තිබෙනවා.

පාකිස්ථානයේ පැවැත්වෙන තරඟ 3 කින් සමන්විත නිදහස් දින කුසලාන විස්සයි විස්ස තරගාවලියට නම් කර ඇති ලෝක සංචිතයේ නායකත්වය දරන්නේ දකුණු අප්‍රිකාවේ  ෆප්-ඩු-ප්ලෙසීි යි.