ඉන්දියාව සමඟ තුන්වන සහ හතරවන එක්දින තරඟ දෙකේ නායකත්වයට කපුගෙදර

Friday, 25 August 2017 - 14:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන සහ හතරවන එක්දින තරග දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චාමර කපුගෙදර පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මේ බව සඳහන් කළේ.

ඒ ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග දෙකක් තහනම් කිරීම හමුවේයි.

ඊයේ පැවති තරඟයේදී නියමිත කාලසීමාව තුළ පන්දු යවා අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙනුයි ICC ය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවැනි සහ සිව්වැනි තරඟ දෙක චාමර කපුගෙදර විසින් මෙහෙයවනු ඇති.

ඊයේ පැවති තරඟයේදී නියමිත කාලය තුල පන්දුවාර යවා අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙන් උපුල් තරංග හට එක්දින තරඟ දෙකක් තහනම් කිරීමට ICC ය තීරණය කළා.

කෙසේ වෙතත් මිට පෙර වාර්තා වුණේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මීළඟ තරඟ දෙක මෙහෙයවීමේ වගකීම පවරනු ඇති බවටයි.

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා.