ඊයේ තරඟය කණපිට පෙරලමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාව ගෙනදුන් දෝනිගේ වාසනාව

Friday, 25 August 2017 - 15:57

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකාව සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඊයේ තරඟයේදී  මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානු කණ්ඩායමේ නැංගුරම බවට පත් වුණේ පන්දු 68කදී නොදැවී ලකුණු 45ක් ලබා ගනිමින්.

මේ අතර තරඟය අතර තුර දෝනි දවාගැනීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස ගිලිහියාමක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ සිදුවීමක් බවට පත් වුණා.

මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 29ක් ලබා සිටියදී මෙලෙස දවාගැනීමට තිබු අවස්ථාව ශ්‍රීලංකා කණ්ඩායමට ගිලිහි ගියා.

විශ්ව ප්‍රනාන්දු විසින් යොමුකළ  ඉන්දීය ඉනිමේ 34 වන පන්දුවාරයේ දෙවන පන්දුව දෝනිගේ පිත්තේ වදින අතර පසුව දෝනිගේ  පදයේ වදින පන්දුව කඩුල්ලේ වදිනවා.

කෙසේ වෙතත් පන්දුව කඩුල්ලේ වැදීමත් සමඟ එහි බ්ලෙන්ස් ඉවත් නොවීම හේතුවෙන් තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට දෝනිට වාසනාව හිමිවෙනවා.

දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයින් පවසන්නේ එම අවස්ථාවේ දෝනි දැවීගියා නම් බොහෝ විට මෙම තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගැනීමට අවස්ථාව පැවති බවටයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ වාසිය ඉන්දියානු කණ්ඩායම දෙසට පෙරලුනු තීරණාත්මක අවස්ථාව මෙය බවයි.

එම අවස්ථාව පහතින්...

rnrnrn\r\n
rnrnrn\r\n
\r\nrnrnrn