මීළග එක්දින තරග 3 ට චන්දිමාල් සහ තිරිමාන්න සංචිතයට

Friday, 25 August 2017 - 17:28

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+3+%E0%B6%A7+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාව සමග පැවැත්වෙන මීළග එක්දින තරග 3 සඳහා දිනේශ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ ධනුෂ්ක ගුණතිලක සහ නායක උපුල් තරංග වෙනුවෙන්.

ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමෙන් ඉවත් කෙරුනු අතර නායක උපුල් තරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග දෙකක් තහනම් කරනු ලැබුවා.

ධනුෂ්ක ගුණතිලකට දින 10 ක් පමණ විවේක ගත යුතු බවටයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.

ඊයේ තරගයේ 33 වන පන්දුවාරයේදී ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වුනා.

ඒ මහේන්ද්‍ර සිං ධෝනිගේ පහරදුන් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදීයි.

ඉන්දියාව සමග පැවැත්වෙන මීළග තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චාමර කපුගෙදර පත්කෙරුනා.

නියමිත කාලය තුල පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට නොහැකිවීම හමුවේ මාස තුනක් ඇතුලත නායක උපුල් තරංගට දඩුවම් ලැබුනු දෙවන අවස්ථාව මෙයයි.

පසුගියදා අවසන් වු ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ද ඔහු තරග තහනමකට ලක්වුනා.

ඊයේ තරගයේදී නියමිත කාලසීමාව අවසන් වන විට ශ්‍රී ලංකාවට පන්දුවාර 3 ක් යැවීමට නොහැකිවු බවයි තරග  තීරකයන් පෙන්වාදී ඇත්තේ.

මේ අතර චාමර කපුගෙදර කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම පිළිබඳ කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ අදහස් පළකර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ උපුල් තරංග වෙනුවෙන් නම් කළ හැකි හොඳම ක්‍රීඩකයා කපුගෙදර බවයි. එ

මෙන්ම ඔහුට කණ්ඩායමේ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

චාමර කපුගෙදර මේ දක්වා එක්දින ක්‍රිකට් තරග 100 කට ක්‍රීඩාකර තිබෙනවා.

අර්ධ ශතක 8 ක් ද ඔහුගේ ලකුණු අතරට ඇතුලත්.

චාමර කපුගෙදර මෙතෙක් ශ්‍රී ලංකා  කණ්ඩායමේ නායකත්වයට පත් නොවීම ද විශේෂත්වයක්.