හෙට තරඟය ගැන කපුගෙදර කතා කරයි

Saturday, 26 August 2017 - 16:22

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන එක්දින තරඟය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට තරඟ 02ක තහනමක් පැනවීම හේතුවෙන් චාමර කපුගෙදරට හෙට තරඟය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙනවා.

හෙට පැවැත්වෙන තුන්වන එක්දින තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ලැබුණු නායකත්වය අභියෝගයක් බවත් එයට තමන් සුදානම් බවත් මාධ්‍ය හමුවට එක්වෙමින් චාමර කපුගෙදර පවසනවා.  

ඔහු පවසන්නේ කෙසේ හෝ හෙට පැවැත්වෙන තරඟය ජයග්‍රහණයකර එම ජයග්‍රාහී මානසික මට්ටමෙන් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන බවයි.

2019 ලෝක කුසලන තරඟාවලියට සහභාගී වීමට මෙම තරඟාවලියේ ජයග්‍රහණය වැදගත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කර සිටියා.

කපුගෙදර එහිදී කියා සිටියේ ඉදිරි තරඟ පිළිබදව යොමුකරන අවධානයට වඩා හෙට පැවැත්වෙන තරඟය පිළිබදව වැඩි අවධානයක් යොමුකරන අතරම ඉදිරි ඉලක්ක කරා පියවරෙන් පියවර ගමන් කිරීමට බලාපොරොත්තු වන බවටයි.

කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්නකර සිටියා.

සෑමවිටම කාණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමට උත්සහකරන බවත්, හෙට පැවැත්වෙන තරඟයට ක්‍රීඩාකරන ක්‍රීඩකයන් 11 දෙනා පිළිබඳව තේරීම් කමිටුව තීරණයකට එළබෙනු ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.