තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Sunday, 27 August 2017 - 14:03

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ තුන්වන එක්දින තරඟයේ කාසිය වාසිය හිමිකරගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චාමර කපුගෙදර සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී මෙම තරඟ පැවැත්වෙන අතර පසුගිය තරඟයේදී උපුල් තරංගට තරඟ 02ක තහනමක් පැනවීම හේතුවෙන් චාමර කපුගෙදර ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලබනවා.

උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක වෙනුවට දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න කණ්ඩායමට එක්ව තිබෙනවා.

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම  

1. චාමර කපුගෙදර (නායක)
2. ඇන්ජලෝ මැතිව්ස්
3. නිරෝෂන් දික්වැල්ල
4. කුසල් මෙන්ඩිස්
5. ළහිරු තිරිමාන්න
6. දිනේෂ් චන්දිමාල්
7. අකිල ධනංජය
8. මිලින්ද සිරිවර්ධන
9. ලසිත් මාලිංග
10. විශ්ව ප්‍රනාන්දු
11. දුෂ්මන්ත චමීර

ඉන්දීය කණ්ඩායම පහතින්.

1. රෝහිත් ශර්මා                                                             
2. ශිකර් ධවාන්
3. විරාත් කෝලි (නායක)
4. කුල්කේෂ් රාහුල්
5. මහේන්ද්‍ර සිං දෝනි
6. හර්දික් පන්ඩයා
7. කේදර් ජාදෙව්
8. බුවනේශ්වර් කුමාර්
9. අක්ෂා පටෙල්
10. ජස්ප්‍රීට් බුම්රා
11. යුශ්වින්ද්‍රා චාහාල්