තුන්වන එක්දින තරඟයෙන් පසු කපුගෙදර කතාකරයි

Monday, 28 August 2017 - 11:36

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති තුන්වන එක්දින තරඟය ජයගන්නට ඉන්දිය කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඔවුන් මෙම තරඟය ජයගත්තේ කඩුලු 06කින්.

මේ එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්දින කණ්ඩායමේ නායක චාමර කපුගෙදර කියා සිටියේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෙස සිය වගකීම් ඉටුකිරීමට කටයුතු කළ යුතු බවයි.

පුහුණුකරුවන්ගේ කාර්ය ඔවුන් නිසි ලෙස සිදුකරන බවද ඔහු සඳහන් කළා.  

පන්දු යැවීමේ අංශය මේ වනවිට ඉදිරියට පැමිණ ඇති බවත්, කළ යුතුව ඇත්තේ පිතිකරණ අංශය ශක්තිමත් කරගැනීම බවයි චාමර කපුගෙදර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.