ක්‍රිකට් කඩාවැටීම ගැන මුරලිදරන්ගේ සුවිශේෂී හෙළිදරව්ව

Monday, 28 August 2017 - 13:12

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා ඇති නරක දසාව පිළිබදව මේ දිනවල බොහෝ දෙනෙකු කතාබහට ලක් කරනවා.

ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය මෙන්ම එක දින තරඟාවලියද මේවනවිට පරාජය වී අවසන්.

මේ සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යළි ගොඩ ගැනීමට කුමක් කළ කළ යුතුද ? යන්න පිළිබඳව හිරු, ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගෙන් විමසීමක් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම 230 කදී කඩුලු 800ක් දවා ගෙන ඇති අතර ජාත්‍යන්තර එක්දින තරඟ 350 කදී කඩුලු 534ක් ලබාගෙන වාර්තා පිටු අතර ඉදිරියෙන්ම සිටිනවා.

ලොව බිහිවූ හොඳම දඟ පන්දු යවන්නෙකු වූ මුරලි, හිරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට මුහුණ දෙන පසුබෑමට ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් භාරගත යුතු බවයි.

වත්මන් පරිපාලනය, විවේචන, අර්ජුන රණතුංග, සුදුසු අයට පාලනය භාර දීම ආදී කරුණු රැසක් පිළිබඳව ඔහු සිය අදහස් පළ කළා.

සම්පුර්ණ සාකච්ඡාව පහතින්..