කොදෙව්වන්ට 322ක ඉලක්කයක්

Tuesday, 29 August 2017 - 8:33

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+322%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ ලීඩ්ස් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ 4 වන දිනය වූ ඊයේ එංගලන්තය, කොදෙව් පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 322ක ඉලක්කයක් ලබාදුන්නා.

පළමු ඉනිමේදී ලකුණු 258කට දැවී ගිය එංගලන්තය දෙවන ඉනිමේදී කඩුලු 8කට ලකුණු 490ක් ලබා පන්දුවට පහරදීම අත්හිටුවනු ලැබුවා.

පළමු ඉනිමේදී ලකුණු 427ක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් පිළ ඊයේ දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.