වැඩකරුවන් අසරණ කරමින් ක්‍රිකට් පිටිය මවිත කළ සුපිරි ප්‍රහාරය මෙන්න

Tuesday, 29 August 2017 - 12:13

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
CPL තරඟාවලිය අතරතුර පිටිය දෙවනත් කළ සුපිරි ඉනිමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙන්වා.

අදාළ ඉනිම වාර්තා වන්නේ සුපිරි පිතිකරු BB McCullum ගේ පිත්තෙන්.

CPL තරඟාවලියේ T&T Riders සහ Tallawahs අතර පැවති තරඟයේදීයි ඔහු මෙලෙස සුපිරි පිතිකරණයක නිරත වෙමින් වේගවත් ලකුණු 91 ක් රැස්කරගන්නේ.

ඒ දැවැන්ත හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමඟින්.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් T&T Riders කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 208 ක් රැස්කරගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර නායකත්වය දරන Tallawahs කණ්ඩායමට කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 172 ක් පමණයි.

ඔවුන්ගේ ඉනිම කඩා වැටෙද්දී ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් තනිව කණ්ඩායම ඔසවන්න වෙරදැරූ සංගා ලකුණු 53ක් රැස්කරගත්තා.

ඒ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින්.

ඒ අනුව එම තරඟයේ ජය ලකුණු 36 කින් තමන් සතුකරගැනීමට T&T Riders කණ්ඩායම සමත්වූවා.

T&T Riders කණ්ඩායමේ සුපිරි ඉනිම වූ BB McCullum ගේ ඉනිමේ විශේෂ අවස්ථා පහතින්.