කපුගෙදර ඉවතට - මීළඟ තරඟයේ නායකයා ?

Tuesday, 29 August 2017 - 13:29

%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%3F
ඉන්දියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී ශ්‍රි ලංකා නායක චාමර කපුගෙදර ආබාධයකට ලක්වීමත් සමග ඔහුට ඊළඟ තරගයට ක්‍රීඩා කිරීමට නොහැකිව තිබෙනවා.

එම නිසා ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංගගේ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නම් යෝජනා වී තිබෙනවා.

ඒ අතරින් ලසිත් මාලිංගට ඉතිරි තරග දෙක සඳහා නායකත්වය ලබා දීමට බොහෝ විට ඉඩ ඇති බවයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ.

මේ අතර පන්දුවක් ඇඟිල්ලේ වැදීමෙන් සිදුවූ අබාධයක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල් හට ඉන්දියාව සමඟ ඉදිරියේදී පැවැත්වෙන තරඟ අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.

ඉන්දියාව සමඟ පැවති තුන්වන එක්දින තරඟය අතර චන්දිමාල් මෙලෙස ආබාධයට ලක්වූවා.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට තරඟ 02ක තහනමක් පැනවීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවනු ලැබුවා.

මේ අතර තරංගට අහිමිවන එම තරඟ දෙක සඳහා කණ්ඩායම මෙහයවීම වගකීම හිමිවූයේ චාමර කපුගෙදර වෙතයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග හට තරඟ දෙකක් තහනම් කිරීමට ICC ය තීරණය කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන තරඟයේදී නියමිත කාලසීමාව තුළ පන්දු යවා අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙනුයි.