4 වන එක්දින තරගයේ ශ්‍රී ලංකා නායකත්වයට ලසිත් මාලිංග

Tuesday, 29 August 2017 - 18:20

4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මේබව නිවේදනය කළේ.

3 වන සහ හතරවන එක්දින තරග දෙක සඳහා නායකත්වයට පත් කෙරුනු චාමර කපුගෙදර ආබාධයක් හේතුවෙන් මීළග තරගයට ක්‍රීඩා කිරීමට නොහැකිවී තිබෙනවා.

මේ හේතුවෙනුයි කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත් කෙරුනේ.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට තරග දෙකක් තහනම් කරනු ලැබුවා.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හතරවන එක්දින ක්‍රිකට් තරගය ලබන බ්‍රහස්පතින්දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

දිවා රාත්‍රී තරගයක් වන එය ආරම්භ වන්නේ පස්වරු 2.30 ටයි.