පසුගිය ඉන්දු - ශ්‍රී ලංකා තරඟයේ කාසියේ වාසියත් ගැටළුවක් වෙයි

Tuesday, 29 August 2017 - 20:01

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය කණ්ඩායමේ මෙරට තරග සංචාරය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට කාසියේ වාසියක් දිනා ගැනීමට හැකි වුනේ තරග 5 කට පසුවයි.

ඒ පසුගියදා පැවති 3වන එක්දින තරගයේදී.

කෙසේවෙතත් එම කාසියේ වාසිය දිනා ගැනීමේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි නොවුනේ ඇයි.?

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති 3 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගන්නට වැඩබලන නායක ලෙස කටයුතු කළ චාමර කපුගෙදර සමත් වුණා.

බොහෝ ක්‍රීඩා ලෝලීන් සහ විචාරකයන් මවිතයට පත් කරමින් ඔහු තීරණය කළේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම අවිය වන ලකුණු හඹා යාමේ අවස්ථාව ඔවුන්ට ලබා දීමටයි.

එම තීරණය ඉන්දීය නායකයාව පවා මවිතයට පත්කරවන්නක් වුනා.