හැමෝම කතාවූ දේ ගැන ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයා හෙළිකළ දේ මෙන්න

Wednesday, 30 August 2017 - 9:57

%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
2009.03.03 වැනිදා ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්ඩායමට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය පිළිබඳව වූ අමිහිරි මතකය වෙත නැවතත් ක්‍රිකට් ලෝකයේ අවධානය යොමුවූවා.

ඒ ශ්‍රී ලංකා කණ්‌ඩායම පකිස්‌තානයේදී විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරගයකට සහභාගිවීමට කැමැත්ත පළ කිරීමත් සමඟයි.

අදාළ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු කණ්ඩායම් පකිස්තාන තරඟ සංචාර ප්‍රතික්ෂේප කලද සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය වසරේ පකිස්තානයේදී විස්සයි විස්ස තරඟ තුනකට එක්වූවා.

මේ අතර එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිලාන් සමරවීර ඒ බයානක මතකය නැවත සිහියට නංවමින් විදෙස් මාධ්‍ය වෙත අදහස් පලකළ තිබුනා.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුනේ පකිස්තාන ක්‍රීඩා ලෝලීන් එරට ජාත්‍යන්තර තරඟ පැවැත්වෙන තුරු නොඉවසිල්ලෙන් බලාසිටින බවයි.

එවැනි තත්වයක් මත ශ්‍රී ලංකා කණ්ඩායම එරට සංචාරය කිරීමට ගෙන ඇති තීරණය ඇගයීමට ලක්කළ යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

නමුත් එම තරඟයට සහභාගී වීමට අකමැති ක්‍රීඩකයෙක් සිටී නම් ඔහු එම සංචාරයට සහභාගී කරවීම නුසුදුසු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

අදාළ සිදුවීමෙන් තමන් සහ තම පවුලේ සාමාජිකයන් මහත් පීඩාවට පත්වූ බව පෙන්වා දුන් තිලාන් සඳහන් කලේ පකිස්තානයේ සංචාරය කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවයි.

තිලාන් සඳහන් කරන්නේ එම ප්‍රහාරයේ මතකය හේතුවෙන් තමන් අද රතිඤ්ඤා ශබ්දයට පවා බියවන බවයි.

නමුත් ඒ බියෙන් මිදීම සඳහා තමන් නිතරම ඒ මතකය අවදි කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලාන් සඳහන් කරන්නේ එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්‌ඩායම රැගෙන ගිය බස්‌ රථයේ රියදුරා ක්‍රීඩකයන්ව බේරාගත් ආකාරය කිසිදා අමතක නොවන බවයි.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිලාන් සමරවීර නැවත පිටියට පැමිණියේ මාස තුනකට පසුවයි.

ඒ ඔහුගේ පාදයට වැදී තිබූ මූනිස්‌සමක්‌ ඉවත් කිරීමට සැත්කමක්‌ සිදුකිරීම හේතුවෙන්.

අදාළ ප්‍රහාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අයුරින්.