ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය බංග්ලාදේශයට

Wednesday, 30 August 2017 - 15:40

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 20 ක තියුණු ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත්වුනා.

මෙය බංග්ලාදේශය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.

ඩකාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 260 ක් රැස් කළා.

ශකීබ් අල් හසන් 84 යි. ඔස්ට්‍රේලියාවට පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 217 ක් පමණයි.

ශකීබ් අල් හසන් ඔස්ට්‍රේලියා පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවා ගැනීමට ද සමත්වුනා.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 221 ක් ලබාගත් අතර තරග ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේදී ඔස්ට්‍රේලියාවට හිමිවු ඉලක්කය ලකුණු 265 ක්.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 244 ක් පමණයි.

ශකීබ් අල් හසන් ඔස්ට්‍රේලියා දෙවන ඉනිමේදී ද කඩුලු 5 ක් දවාගැනීම විශේෂත්වයක්.

2000 වසරේ ටෙස්ට් වරම් ලැබු බංග්ලාදේශය ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 9 වන ස්ථානයේයි.

මීට පෙර ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරග 5 කින්ම බංග්ලාදේශය පරාජයට පත්වුනා.