ප්‍රබල පිතිකරුවෙකුට වසර 5 ක තරග තහනමක්

Wednesday, 30 August 2017 - 16:32

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වු ශර්ජීල් ඛාන්ට වසර 5 ක තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ පකිස්ථාන දුෂණ මර්දන අධිකරණයක් විසින්.

තරග පාවාදීම් චෝදනාවක් මතයි ඔහුට මෙම තහනපම පනවනු ලැබුවේ.

පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී තරග පාවාදුන් බවට ශර්ජීල් ඛාන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

පකිස්ථාන ක්‍රීඩකයන් රැසකට මීට පෙර අවස්ථා කිහිපයකදී ද තරග පාවාදීම් චෝදනා එල්ලවු අතර ඒ හේතුවෙන් විවිධ දඩුවම්වලට ද යටත්වීමට ඔවුන්ට සිදුවුනා.

කෙසේවෙතත් මෙම දඩුවම ලබාදී දින 14 ක් ඇතුලත ඒ සම්බන්ධයෙන් අභියාචනා ගොනු කිරීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල නීති රීතිවලට අනුව ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිවනවා.

මොහොමඩ් ඉර්ෆාන් / ශසිබ් හසන් / නසීර් ජම්ශෙඩ් සහ මොහොමඩ් නවාස් යන පකිස්ථාන ක්‍රීඩකයන්ට ද මේවන විට විවිධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.