තීරණාත්මක තරග දෙකට පෙර මාලිංග අරමුණ හෙළි කරයි

Wednesday, 30 August 2017 - 17:49

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ආබාධයකට ලක්ව සිටින චාමර කපුගෙදර වෙනුවට ඩිල්ෂාන් මුණවීර ආරම්භක පිතිකරුවෙකු ලෙස හෙට තරගයට ක්‍රීඩා කරන බව නායක ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේබව සඳහන් කළේ හෙට තරගය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් 2020 වන තුරු ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

තමන් පීඩනය නොහඳූනන අතර කණ්ඩායම පීඩනයෙන් එළියට ගැනීමට තමන් උත්සාහ කරන බවයි මාලිංග කියාසිටියේ.

එමෙන්ම කණ්ඩායමේ දක්ෂතාවල අඩුවක් නොමැති බව ද ලසිත් මාලිංග පෙන්වා දුන්නා.

එහෙත් එම දක්ෂතා යොදා ගන්නා ආකාරයේ ගැටලුවක් පවතින බව ඔහු සඳහන් කළා.

කඩුලු 300 ක් ලබා ගැනීමට තමන්ට විශේෂ අරමුණක් නොමැති බවයි මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංග වැඩිදුරටත් කියාසිටියේ.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හතරවන එක්දින තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් තරගය පැවැත්වෙන්නේ ලබන 3 වනදායි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව පිවිසීමට  නම් ශ්‍රී ලංකාව මෙම තරග දෙක ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.

එබැවින් මෙම තරග දෙකම ශ්‍රී ලංකාවට සුවිශේෂී තරග දෙකක් වනු ඇති.