දැඩි ආරක්ෂාවක් මැද, ඉන්දු - ශ්‍රී ලංකා සිව්වන තරගය අද

Thursday, 31 August 2017 - 8:49

%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ හතරවන තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි අද පැවැත්වෙනවා.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු  කරන්නේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

ආබාධයකට ලක්වූ චාමර කපුගෙදර වෙනුවට කණ්ඩායමට කැඳවූ දිල්ෂාන් මුණවීර බොහෝදුරට කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සඳහා  1000 ක පොලිස් බල ඇණියක් යොදවන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

එසේම ක්‍රීඩාංගණය අවට සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ සී සී ටී වී කැමරා පද්ධතියක්ද ස්ථාපිත කර ඇති අතර, ක්‍රීඩා පිටිය වෙත නොයෙකුත් ද්‍රව්‍ය විසිකිරීම සහ ප්‍රේක්ෂකයින්ට පිටියට පිවිසීම සම්පූර්ණයෙන් තහනම් වනු ඇති.

කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවද පොලිස් මූලස්ථානය සඳහන් කළා.

එමෙන්ම වීදුරු බෝතල්, නළා, තියුණු ආයුධ, මත්පැන්, ගිනිපෙට්ටි, දුම්වැටි සහ ධජ ලෙලදීම සඳහා යොදා ගන්නා කිසිදු උපකරණයක් ක්‍රීඩාංගනය තුළට ගෙන ඒමද තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල් සරත්චන්ද්‍ර කියා සිටියා.

තරඟය අද පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

අද තරඟයට බොහොදුරට ක්‍රීඩා කරන අනුමාන කළ කණ්ඩායම් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

Sri Lanka (possible):

1 Niroshan Dickwella (wk),
2 Danushka Gunathilaka/Dilshan Munaweera,
3 Kusal Mendis,
4 Lahiru Thirimanne,
5 Angelo Mathews,
6 Milinda Siriwardana
7 Thisara Perera
8 Akila Dananjaya,
9 Dushmantha Chameera,
10 Vishwa Fernando,
11 Lasith Malinga (capt.)


India (possible):

1 Rohit Sharma,
2 Shikhar Dhawan,
3 Virat Kohli (capt.),
4 KL Rahul,
5 Manish Pandey,
6 MS Dhoni (wk),
7 Hardik Pandya,
8 Axar Patel,
9 Kuldeep Yadav,
10 Shardul Thakur,
11 Jasprit Bumrah

(උපුටා ගැනීම විදෙස් ක්‍රීඩා මාධ්‍ය)