කියපු වැඩේ නොකිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයාට සිදුවන දේ

Thursday, 31 August 2017 - 12:35

%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති තුන්වන එක්දින තරඟයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ගත් තීරණය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලබාදුන් උපදෙස් අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් අදාළ පරීක්ෂණය සිදුකෙරෙන බවයි.

ඉන්දීය කණ්ඩායමේ මෙරට තරග සංචාරය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට කාසියේ වාසියක් දිනා ගැනීමට හැකි වුනේ තරග 5 කට පසුවයි.

ඒ පසුගියදා පැවති 3වන එක්දින තරගයේදී.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති 3 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගන්නට වැඩබලන නායක ලෙස කටයුතු කළ චාමර කපුගෙදර සමත් වුණා.

බොහෝ ක්‍රීඩා ලෝලීන් සහ විචාරකයන් මවිතයට පත් කරමින් ඔහු තීරණය කළේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම අවිය වන ලකුණු හඹා යාමේ අවස්ථාව ඔවුන්ට ලබා දීමටයි.

එම තීරණය ඉන්දීය නායකයාව පවා මවිතයට පත්කරවන්නක් වුනා.

මේ අතර තුන්වන එක්දින තරගයේදී ශ්‍රි ලංකා නායක චාමර කපුගෙදර ආබාධයකට ලක්වීමත් සමග ඔහුට අද තරගයට ක්‍රීඩා කිරීමට නොහැකිව තිබෙනවා.

ඒ අනුව අද තරඟයට ශ්‍රී ලංකාව පිටියට පිවිසෙන්නේ ලසිත් මාලිංගගේ නායකත්වයෙන්.

තරඟය අද පස්වරු 2.30 ආරම්භවීමට නියමිතයි.