අද තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Thursday, 31 August 2017 - 14:10

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ හතරවන එක්දින තරඟයේ කාසිය වාසිය හිමිකරගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වෙන වෙනවා.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල / ඩිල්ෂාන් මුණවීර / කුසල් මෙන්ඩිස් / ලහිරු තිරිමාන්න / ඇන්ජෙලෝ මැතිව්ස් / මිලින්ද සිරිවර්ධන සහ වනිඳු  හසරංග ඇතුලත්.

අකිල ධනංජය / මලින්ද පුෂ්පකුමාර / විශ්ව ප්‍රනාන්දු සහ නායක ලසිත් මාලිග අද කණ්ඩායම නියෝජනය කරනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අද ශර්දුල් තකුර් එක්දින වරම් ලබනවා.

එමෙන්ම කුල්දීප් යාදෙව් සහ මනීෂ් පාන්ඩේ ද අද ඉන්දීය කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා.

යුස්වේන්ද්‍ර චහාල් / උමේෂ් යාදෙව් සහ බුවනේෂ්වර් කුමාර් අද ඉන්දීය කණ්ඩායම කණ්ඩායමට නම්කර නැහැ.