මාලිංගගෙන් තවත් වාර්තාවක්

Thursday, 31 August 2017 - 16:30

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන හතරවන එක්දින තරගයේදී ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට වැඩි දායකත්වයක් ලබාදුන් විරාත් කෝලි දවා ගැනීමට ලසිත් මාලිංග සමත්වුනා.

දැවී යන විට ඔහු ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 131 ක්.

පන්දු 96 ක් තුල ඔහු ලබාගත් මෙම ලකුණු 131 කට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක් මෙම ලකුණු 131 ට ඇතුලත්.

විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමත් සමග ලසිත් මාලිංගගේ එක්දින කඩුලු සංඛ්‍යාව 300 ක් වනවා.

ඔහු එක්දින කඩුලු 300 ක් ලබාගත් 4 වන ලාංකික ක්‍රීඩකයා ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

මෙය ලසිත් මාලිංග ක්‍රීඩා කරන 203 වන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයයි.

රෝහිත් ශර්මා නොදැවී 86 යි. ශිකර් ධවාන් ලකුණු 4 කට දැවී ගියා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව මේවන විට පන්දුවාර 29 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 225 ක්.