තීරණාත්මක තරගය ජය ගන්න ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්

Thursday, 31 August 2017 - 18:09

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සමග පැවැත්වෙන හතරවන එක්දින තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 376ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 375 ක් ලබාගත්තා.

මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවේදී වෙනත් කණ්ඩායමක් ලබාගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව වීමද විශේෂත්වයක්.

රෝහිත් ශර්මා 104 යි. ඔහු අද ලබාගත්තේ සිය 13 වන එක්දින ශතකයයි.

විරාත් කෝලි ලකුණු 131 ක් ලබාගත්තා.

පන්දු 96 ක් තුලින් ලබාගත් එම ලකුණු 131 ට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්.

මෙය විරාත් කෝලිගේ 29 වන එක්දින ශතකයයි. විරාත් කෝලි පිටියෙන් ඉවත් වුනේ ලසිත් මාලිංගගේ පන්දුවකට ඩිල්ෂාන් මුණවීරගේ අතට උඩ පන්දුවක් ලබාදෙමින්.

මෙය ලසිත් මාලිංගගේ 300 වන එක්දින කඩුල්ල ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

ඔහු කඩුලු 300 ක් ලබාගත් 4 වන ලාංකික ක්‍රීඩකයායි.

 පන්දු යැවීමේදී ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2 ක් බිඳහෙලුවා.

ලසිත් මාලිංග / විශ්ව ප්‍රනාන්දු සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් දවාගත්තා. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.