ශ්‍රී ලංකාවට ලකුණු 168 ක නින්දා සහගත පරාජයක්

Thursday, 31 August 2017 - 21:54

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+168+%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවති හතරවන එක්දින තරගයෙන් ලකුණු 168 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුනා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 375 ක් ලබාගත්තා.

රෝහිත් ශර්මා 104 යි. ඔහු අද ලබාගත්තේ සිය 13 වන එක්දින ශතකයයි.

විරාත් කෝලි ලකුණු 131 ක් ලබාගත්තා. පන්දු 96 ක් තුලින් ලබාගත් එම ලකුණු 131 ට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්.

මෙය විරාත් කෝලිගේ 29 වන එක්දින ශතකයයි.

විරාත් කෝලි පිටියෙන් ඉවත් වුනේ ලසිත් මාලිංගගේ පන්දුවකට ඩිල්ෂාන් මුණවීරගේ අතට උඩ පන්දුවක් ලබාදෙමින්.

මෙය ලසිත් මාලිංගගේ 300 වන එක්දින කඩුල්ල ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

ඔහු කඩුලු 300 ක් ලබාගත් 4 වන ලාංකික ක්‍රීඩකයායි. පන්දු යැවීමේදී ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2 ක් බිඳහෙලුවා.

ලසිත් මාලිංග / විශ්ව ප්‍රනාන්දු සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42 යි පන්දු 4 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 207 ක් පමණයි.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 70 ක් ලබාගත්තා.

මිලින්ද  සිරිවර්ධන 39 යි. ලහිරු තිරිමාන්න ලකුණු 18 ක් රැස් කළා.

වනිඳු හසරංග ලකුණු 22 යි. සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අවසන් එක්දින තරගය ලබන 3 වනදා පැවැත්වීමට නියමිතයි.