ක්‍රීඩාංගණයට වැටුනු දෙයක් නිසා නොසන්සුන්තාවක්

Friday, 01 September 2017 - 10:09

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩාංගණයට පතිත වු ඊතලයක් හේතුවෙන් නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් කැරළි මර්දන ඒකක ද කැඳවා තිබු බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

සරේ සහ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවති තරගයක අවසන් දිනය ක්‍රියාත්මක වෙමින් තිබියදීයි ඊතලය ක්‍රීඩාංගණයට පතිත වී ඇත්තේ.

එය තණතිල්ලට යාර කිහිපයක් දුරින් ක්‍රීඩාංගණයේ පතිත වී තිබෙනවා.

මීටර් 800 ක පමණ දුරක සිට එය එවා ඇති බවටයි සැක කෙරන්නේ.

ඊතලය පතිත වන විට මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිට තිබෙනවා.

මෙම ඊතලය දුටු ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් වහාම විනිසුරුවරුන් දැනුවත් කර ඇති අතර ඒ අනුව ක්‍රීඩකයන් සියලුදෙනා වහාම පිටියෙන් ඉවත් කරවීමටයි විනිසුරුවරුන් පියවර ගෙන ඇත්තේ.

මෙම තත්වය මත ප්‍රේක්ෂකයන්ට ද අවධානයෙන් පසුවන ලෙසට නිවේදන නිකුත්කර තිබෙනවා.

මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රකාශකර ඇත්තේ මෙය ක්‍රීඩාංගණයෙන් පිටත දුරස්ථ ප්‍රදේශයක සිට විදින ලද ඊතලයක් බවයි.

කෙසේවෙතත් එය අත්වැරදීමකින් එවන ලද්දක් ද එසේත් නැතහොත් එය ඕවල් ක්‍රීඩාංගණය ඉලක්ක කර එවු එකක් ද යන්න නිශ්චිතව තහවුරු වී නැහැ.

කෙසේවෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙසට නොසලකන බවයි ආරක්ෂක අංශ ප්‍රකාශකර ඇත්තේ.

මෙම සිද්ධිය හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අත්හැර දැමීමට ද පියවර ගෙන තිබෙනවා.

\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"