දෝනිගෙන් ලෝක වාර්තාවක්

Friday, 01 September 2017 - 12:32

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවති හතරවන එක්දින තරගයේදී ශෝන් පොලොක් සහ චමින්ද වාස් තබා තිබු වාර්තාවක් අභිබවා යාමට ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි
සමත්වුනා.

ඒ ඔවුන් එක්දින ජාත්‍යන්තර තරග 72 කදී නොදැවී පන්දුවට පහරදෙමින් තබා තිබු වාර්තාවයි.

මහේන්ද්‍ර සිං දෝනි අදාළ වාර්තාව සමකර තිබු අතර ඊයේ පැවති තරගයේදීත් නොදැවී පන්දුවට පහරදීම හේතුවෙන් ඔහු නව වාර්තාවක් පිහිටුවීමට සමත්වුනා.

ඒ අනුව නොදැවී තරග වැඩිම ප්‍රමාණයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙසටයි ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ.

ඊයේ තරගයේදී දෝනි නොදැවී ලකුණු 49 ක් ලබාගත්තා.

එමෙන්ම ඔහු ඊයේ ක්‍රීඩා කලේ සිය 300 වන එක්දින ක්‍රිකට් තරගයටයි.

ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති හතරවන එක්දින තරගයෙන් ඉන්දියාවට ලකුණු 168 ක ජයක් හිමිවුනා.