මීළඟ තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව කරන්න යන අත්හදා බැලීම හෙළිවෙයි

Friday, 01 September 2017 - 13:09

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ජයග්‍රහණ ලබමින් අපරාජිතව සිටින ඉන්දීය කණ්ඩායම ඉරිදා පැවැත්වෙන පස්වන සහ අවසාන එක්දින තරගයේදීත් නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට සැරසෙනවා.

ඉන්දීය පිලේ නායක විරාට් කෝලි පී.ටී.අයි ඉන්දීය ප්‍රවෘත්ති සේවාව වෙත ප්‍රකාශ කර ඇත්තේ 4 වන තරගයේදී ද නව ක්‍රීඩකයන් තුන්දෙනෙකුට අවස්ථාව ලබාදුන් බවයි.

පස්වන එක්දින තරගයේදී ද ඔවුන්ට අවස්ථාවක් ලබාදීමට සූදානම් බව විරාට් කෝලි සඳහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව \"නම්‍යශීලි පිතිකරු අනුපිළිවෙළක්\" පවත්වා ගනිමින් අත්හදා බැලීම් සිදුකිරීමට සූදානම් බවයි ඉන්දීය නායකයා කියා සිටියේ.
 
ක්‍රිකට් නෙක්ස්ට් ඉන්දීය වෙබ් අඩවිය සඳහන් කළේ ඉන්දීය එක්දින තරගාවලියේදී ලද පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන තරගාවලිය අහිමිවීමේ අවදානමක් පවතින බවයි.

ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග දෙකක් ජය ගැනීමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලිය සඳහා නියත වශයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ගිලිහෙමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ද අවධාරණය කළා.
 
මේ අතර, ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අවපසට ගමන් කරද්දී බංග්ලාදේශය, නව ශ්‍රී ලංකාවක් ලෙසින් ඉදිරියට පැමිණෙන බවයි.

1996 ලෝක කුසලාන ජයග්‍රාහකයන් වූ ශ්‍රී ලංකා පිල 90 දශකයේ අග භාගයේ සිටි තත්ත්වයට බංග්ලාදේශය අද පැමිණ ඇති බව එහි ක්‍රීඩා කතුවැකියක දැක්වෙනවා.

එය අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල එකල ඉදිරියට පැමිණි ආකාරයේ ප්‍රගතියක් ලෙස ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත හඳුන්වනු ලැබුවා.
 
බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට චන්දික හතුරුසිංහගෙන් ඉටු වී ඇත්තේ විශාල මෙහෙවරක්.

ඔහු පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වූ චම්පක රාමනායකගේ සේවය ද දැන් ලබා ගනිමින් සිටින්නේ ඉදිරිය සඳහා වේග පන්දු යවන්නන් නිර්මාණය කිරීමටයි.

හතුරුසිංහ මෙන්ම චම්පක රාමනායක ශ්‍රී ලංකාවට අහිමිවූ ක්‍රිකට් සම්පත් ලෙස සැලකිය හැකියි.  

ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත ටෙස්ට් ජයක් ලැබීම පිළිබඳව තොරතුරු විමසීමට සී.එන්.එන් ප්‍රවෘත්ති සේවාව සජීවි ලෙස සම්බන්ධ කර ගනු ලැබූයේ ද කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහයි.