ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දුව ලසිත් මාලිංග විශේෂ තීරණයක් ගනී

Friday, 01 September 2017 - 17:11

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ලසිත් මාලිංග තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පිළිබඳව තීරණයක් ගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තමන් ආබාධයකට ලක්ව මාස 19 කට පසුව නැවත ක්‍රීඩා කරන බවත් සිම්බාබ්වේ සහ ඉන්දීය සංචාරයේදී තමන් ක්‍රීඩා කලද තමන්ට නිසි දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ බවත් මාලිංග විදෙස් මාධ්‍යයන්හි වැඩිදුරටත් සඳහන්.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව තමන්ගේ ශරීරයේ යෝග්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අනාගතය පිළිබඳව තීරණය කරන බවයි එහිද වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මේ අතර අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක පරම්පරාව කණ්ඩායමේ නොමැතිවීම පරාජයන්ට හේතුවක් බවද ලසිත් මාලිංග ප්‍රකාශ කළා

ඉන්දියාව සමග පැවති තරග පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමේ සිටින්නේ නම් අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමග ජාත්‍යන්තර තරගවලදී මෙවැනි අත්දැකීම්වලට මුහුණ නොදෙන බවයි.

චාමර සිල්වා / තිලිණ කණ්ඩම්බි / ජෙහාන් මුබාරක් / මලිංග බණ්ඩාර /කෞශ්‍යාල් ලොකුආරච්චි / කෞෂල්‍ය වීරරත්න / තරංග පරණවිතාන මෙන්ම මලින්ද වර්ණපුර වැනි ක්‍රීඩකයන් කණ්ඩායම සතුව සිටි අත්දැකීම් බහුල අය බවයි මාලිංග පෙන්වා  දුන්නේ.

ඔවුන් වසර කිහිපයක් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමෙන් පසු ඉවත් කිරීම් හමුවේ එම අත්දැකීම් කණ්ඩායමට ලබාගැනීමට නොහැකි වු බව ද ලසිත් මාලිංග ප්‍රකාශ කළා.

පසුගිය සමයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තුල එක්දින තරග 100 කට වඩා ක්‍රීඩා කළ හෝ තරග 50 කට වඩා වැඩි සංඛ්‍යාවක්  ක්‍රීඩා කර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් සිටි බවයි ඔහු කියාසිටියේ.

2004 වසරේදී තමා කණ්ඩායම නියෝජනය කරන විට කණ්ඩායමේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨයන් 8 දෙනෙකු පමණ සිටි බව මාලිංග පෙන්වා දුන්නා.

එහෙත් මෑත කාලීනව එම තත්වය ක්‍රමයෙන් වෙනස්වී ඇති අතර ලොව ඕනෑම කණ්ඩායමක නවකයන් අතර ජ්‍යෙෂ්ඨ පරිපුර්ණ ක්‍රීඩකයන් සිටීම තුලින් ජයග්‍රහණයට මග පෑදෙන බව ලසිත් මාලිග ප්‍රකාශ කළා.

එමෙන්ම වත්මන් කණ්ඩායම දක්ෂතා අතරට පිවිසීමට හැකි හොඳම කණ්ඩායමක් ලෙසටයි මාලිංග විශ්වාසය පළකරන්නේ.